විෂබීජහරණයට එතනෝල් ලංකා සීනි සමාගමෙන්

67

රට පුරා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවලින් කෙරෙන ඉල්ලීම් සලකා බලා රටේ මතුව ඇති තත්ත්වයට සැලකිල්ලට ගෙන විෂබීජහරණයට අවශ්‍ය එතනෝල් නිෂ්පාදනය අඛණ්ඩව සිදු කිරීමට ලංකා සීනි සමාගම පියවර ගෙන තිබෙනවා.
එහි ප්‍රධාන විධායක නිලධාරී ගාමිණි රාසපුත්‍ර මහතා ඊයේ(23) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාසපුත්‍ර මහතා කියා සිටියේ සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා මූලික කර ගනිමින් එතනෝල් නිෂ්පාදනය සිදු කරන බවයි. එසේම එම ආයතනයන්හි සේවකයන් පැය 24 පුරා සේවයේ නිරතවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මෙම සියලුම කටයුතු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරය මත සිදු කෙරෙන බවත් ජාතික වශයෙන් අවශ්‍ය වන එතනෝල් ඉල්ලුම සපුරාලිය හැකි බවත් ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්‍ර මහතා කියා සිටියා.

 

Your Comments