විශේෂ මෙහෙයුමකින් 57 දෙනෙකු අත්අඩංගුවට

26

රුපියල් කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පැය 24 ක් තුළ බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ වැටලීමකදීයි.
බස්නාහිර පළාතේ වංචා විමර්ශන කාර්යංශයන් වෙත ලද මූල්‍ය වංචා පැමිණිලිවලට අදාළව පොලීසිය මඟහරිමින් සිටි සැකකරුවන් 57 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් අතර කාන්තාවන් 09 ක් සහ පිරිමි පුද්ගලයින් 48 ක් වන අතර ඔවුන් මුදල් වංචා කිරීම්, මුදල් විශ්වාසය කඩ කිරීම්, කූඨ ලේඛන සකස් කිරීම්, බහු විවාහ සිදුකර ගැනීම් වැනි අපරාධ 70කට සම්බන්ධ බවමේ වන විට අනාවරණය වී තිබෙනවා.
මීට අමතරව වරෙන්තුකරුවන් 13 දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර සියලු සැකකරුවන් අද අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments