වියළි කාලගුණයෙන් පුද්ගලයන් 3,21,000කට අධික පිරිසක් පීඩාවට

4

දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයන් තුන්ලක්ෂ විසිඑක් දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
මෙම පිරිස පවුල් හැත්තෑපන්දහස් හාරසිය විසිනවයකට අයත් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ.
වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ උතුරු පළාතටයි.
ඩෙල්ෆ්, කයිට්ස් කරෙයිනගර් ඇතුළු උතුරේ ප්‍රදේශ රැසක පවුල් දසදහස් එකසියදහයක සාමාජික සාමාජිකාවන් මෙයින් පීඩාවට පත්ව සිටිනවා.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකම මිරිදියට මුහුදු ජලය මිශ්‍රවීමෙන් සැළකිය යුතු පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
මධ්‍යම කදුකරයේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ද සැලකිය යුතු අයුරින් පහත බැස තිබෙනවා.
මේ අතර ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද ්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුලං ඇති වන අතර අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Your Comments