විමල්ට එරෙහි නඩුව කල් යයි

19

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය මඟින් ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 25 වනදා දක්වා කල් දමා තිබෙනවා.
ඒ අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ අද කැඳවු අවස්ථාවේදීයි.
ඉන් අනතුරුව නඩුව ලබන 25 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එදිනට විභාගය සිදු කිරීමටයි නියම කර ඇත්තේ.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මංමාවත් අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

Your Comments