විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ ‘මෙහෙයුමට’ පොලීසියෙන් පංච පුද්ගල කමිටුවක්

66

වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ උපදෙස් ලබා දුන්නා.

ඒ විනිසුරුවරයා , මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවයි.

එම විමර්ශනයේ උදෘත පිටපත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න වික්‍රමරත්න මහතා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුළු පංච පුද්ගල විශේෂ කමිටුවක් ද  පත් කර තිබෙනවා.

Your Comments