විදේශගත ශ්‍රමිකයන්ට ‘රන් පියාපත්’

20

රැකියා සදහා විදේශ ගත වන ශ්‍රමිකයන්ගේ අපේක්ෂාව හා සුරක්ෂිතභාවය සාක්ෂාත් කරමින් රන් පියාපත් නමින් විශේෂ වැඩසටහනක් අද ආරම්භ වුණා.

ඒ විදුලි සංදේශ විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුවයි.

රන් පියාපත් වැඩසටහන යටතේ විදේශ ගතවන ශ්‍රමිකයන් සදහා ඇති සියලුම පහසුකම් මෙන්ම වර ප්‍රසාද දීමනා ආදිය එකම පැකේජයක් යටතට ඒකරාශී වීම විශේෂත්වයක්.

ඒ අනුව වෘත්තීය පුහුණුව හා ස්වයං රැකියා මඟ පෙන්වීම, වෛද්‍ය පහසුකම්, රක්ෂණාවරණ, විශේෂ ණය පහසුකම්, දුරකථන හා සන්නිවේදන පහසුකම් මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය සදහා දිරි ගැන්වීමේ ශීෂ්‍යත්වද එහිදී පිරි නැමෙනු ඇතී.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව යුගයක් උදා කිරීම මෙම වැඩ පිළිවලේ අරමුණ බවයි විදුලි සංදේශ විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

එහිදී අදහස් දැක්වු හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ පුහුණු සහ අර්ධ පුහුණු ශ‍්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන බවයි.

එම උත්සවයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද එක්ව සිටියා.

එහිදී ඔහු පැවසුවේ විදේශගත පුහුණු ශ්‍රමික ප්‍රතිශතය සියයට 32 ක් දක්වා වර්ධනය වී ඇති බවයි.

Your Comments