විදුහල්පතිවරයෙකුට පහරදුන් තරුණයන් 13ක් අත්අඩංගුවට

26

යාපනය – දකුණ – නාවට්කුලි මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනකු සහ එම ප්‍රදේශයේ තවත් තරුණයන් 11 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසලේ දේපළවලට හානි කිරීම, විදුහල්පතිවරයාට සහ ගුරුවරුන් දෙනෙකුට පහරදීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළවයි අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

පාසල් සිසුන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් විදුහල්පතිවරයා සහ ගුරුවරුන් දෙදෙනෙකු විසින් ඔවුන්ට දඬුවම් කර ඇති බව සඳහන්.

පසුව සිසුන් දෙදෙනා ඔවුන්ගේ මිතුරන් පිරිසක් ද සමග විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට පහරදී පාසලේ දේපළවලට ද හානි සිදුකර තිබූ බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

Your Comments