වැසි තවත් අඩුවෙයි. – ගාල්ලට සහ තවදුරටත් නායයාමේ අනතුරු ඇගවිම්

11

කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් වළංගුවන බව ජාතික  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, දොඩංගොඩ, මදුරාවල, වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි එම සංවිධානය දැනුම් දෙන්නේ.
එමෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කයේ, නෙළුව, තවලම, ඇල්පිටිය, නාගොඩ, බද්දේගම සහ යක්කලමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව ද නායයාම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුයි.
මේ අතර, පසුගිය දින කිහිපය තුළ ඇඳහැළුණු අධික වැසි තත්ත්වය අද දිනයේ තවදුරටත් පහව යනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේනතුව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් පස්වරු දෙකෙන් පමණ  පසු ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ.

 

Your Comments