වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්

22

වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී, සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට අද දැනුම් දුන්නා.
ඒ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර පිළිබද ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මතයි.
ඒ අනුව වරෙන්තුවක් ලබාගෙන හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනිතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.

Your Comments