වැලිකඩ බන්ධනාගාරය තුළ දි සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

63

බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව යන සැකකරුවන් තවදුරටත් ලබන 21 වනදා දක්වා රිමාන්ඞ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

එම සිද්ධියට අදාළව නඩු භාණ්ඩ දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් පරික්ෂා කිරීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා කල් අවශ්‍ය බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 21 වනදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් රහස් පොලිසියට නියෝග කළා.

Your Comments