වහාම පාර්ලිමේතුව කැඳවන්නැයි යුරෝපා සංගමය නැවත ඉල්ලයි
ශ්‍රී ලංකාවේ දේශපාලනයට මැදිහත් නොවන බවට චීනයෙන් සහතිකයක්

99

ශ්‍රී ලංකාව තුළ හදිසියේ ඇති වී ඇති දේශපාලන අස්ථාවරත්වය හා නොසන්සුන්තාවය හේතුවෙන් රට අවදානමකට ලක්ව ඇති බව යුරෝපා සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම පාර්ලිමේන්තුව කැදවීමට පියවර ගත යුතු බවයි.
යුරෝපා සංගමයේ තානාපතිවරයා ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ඊයේ දිනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා.
රටේ ව්‍යවස්ථාවට ගරු කරන විසදුමක් කඩිනමින් සොයා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එහිදි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.
මේ අතර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට මැදිහත් නොවන බව චීනය අවධාරණය කරනවා.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක ලූ කන්ග් එම කරුණු සඳහන් කර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

 

Your Comments