වසා දැමුණූ කටුනායක අධිවේගය යළි විවෘත කෙරේ

22

ගින්නක් හේතුවෙන් වසා දමා තිබූ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ධාවන කටයුතු සඳහා යළි සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා.

මාර්ගයෙන් පිටත ප්‍රදේශයක හටගත් ගින්නක් නිසා ඇතිවු දුමාරය හේතුවෙන් කොළඹ සිට කටුනායක දක්වා අධිවේගී මාර්ගයේ රථ වාහන ගමනා ගමනය තාවකාලිකව සම්පූර්ණයෙන් නවතා දැමීමටයි ඊයේ දහවල් කටයුතු කෙරුණේ.

අනතුරුව ඊයේ පස්වරුව වන විට එම මාර්ගය පෑලියගොඩ සිට ජාඇල දක්වා රථවාහන ගමනාගමනයට විවෘත කිරීමට ද පියවර ගැණුනා.

ගින්න මැඩපැවැත්වීමට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර යානයක් ගුවන් හමුදාව විසින් යොදවා තිබූණා.

මේ වන විට දුමාරය සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බැවින් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් රථවාහන ධාවන කටයුතු සඳහා විවෘත කර ඇති බව පොලීසිය සඳහන් කළා.

Your Comments