වස්කඩුවේ බස්රථ අනතුරකින් 6 දෙනෙකු මරුට – 52කට තුවාල (PHOTOs)

114

කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත්තේ අද (04) අලුයම 5.15 ට පමණ.

තුවාලකරුවන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.

ඔවුන් අතර කුඩා දරුවෙකු, කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි 43ක් වන බවයි පොලිසිය පැවසුවේ.

මිය ගොස් ඇත්තේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙක්.

එක් බස් රථයක් තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි අනෙක් බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බවටයි අණාවරණය වී ඇත්තේ.

අනතුරට ලක්ව ඇත්තේ ලංගම සහ පුද්ගලික බස් රථයක්.

පොලිස් වාර්තාව (පෙරවරු 07.00)

—–

පොලිස් වාර්තාව (පෙරවරු 06.30)

Your Comments