වසර 140කට පසු වෙනස මෙන්න

60

වසර 140 කට පසු උෂ්ණාධිකම කාලගුණ තත්ත්වය මේ දිනවල වාර්තා වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය පවසනවා.

කාලගුණ දත්ත නිරික්ෂණය කිරිමේදි එය සනාථ වන බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දෙන්නේ.

ගෝලිය උණුසුම ඉහළයාම මෙන්ම එල්නිනෝ කාලගුණ තත්ත්වය ද ඊට බලපා තිබෙනවා.

ගතවූ වසර තිහක කාලය තුළ මෙරට උෂ්ණත්වයේ සාමාන්‍ය අගයට වඩා මේ දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකත් තුනත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම තත්ත්වය ඉදිරි දින දෙක තුළදී ද අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර අකුණු මගින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තතුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Your Comments