වසන්ත සේනානායකගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

6

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් මොහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ ලිපිය අද පස්වරුවේ ඔහු වෙත ලැබීමට සලස්වන බවයි පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බව පක්ෂ මහලේකම්වරයා ඊයේ ප්‍රකාශ කළා.
ඉදිරියේදී ඔහු දරණ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ද ඉවත් කිරීමට කටයුතු කරන බවයි හෙතෙම කියා සිටියේ
අවස්ථා කිහිපයකදී පක්ෂ මාරු කළ වසන්ත සේනානායක මහතා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ යළි දිවුරුම් දෙනු ලැබුවේ මැයි මස 29 වන දායි.

Your Comments