වලපනේ බස් අනතුරෙන් තුවාල ලැබූ 54 දෙනෙකු තවමත් රෝහලේ

18

වලපනේ – රාගල මාර්ගයේ මහව්ව මහ වංගුව ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් තුවා ලැබූවන් 54 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා.
ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදු වූ අතර එහිදී දෙදෙනෙකු මිය ගියා.
නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක ගොස් යළි අම්පාර ප්‍රදේශයේ නිවෙස් කරා යමින් සිටියදී අදාළ අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
රියදුරට බස් රථය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා.
තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා වලපනේ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නුවරඑළිය රෝහලට මාරු කර යැවුණා.

ඡායාරූප – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක – මස්කෙළිය

Your Comments