වලපනේ නායයාමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට – දරුවෙකු අතුරුදන් [PHOTOs]

24

වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් තිදෙනෙකු මියගොස් ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසනවා.

වලපනේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ මුන්වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ඉහලින් වු පස් කන්දක් සමග ප්‍රධාන මාර්ගයට පහලින් වු නිවසක් පස් කන්දට යටවී තිබුනේ ඊයේ (30) රාත්‍රි 7.30 ට පමණ.

අනතුරෙන් නිවසේ සිටි අඹු සැමි යුවලක් සහ පාසල් දරුවන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

අතුරුදහන්ව සිටි අඹු සැමි යුවලගේ මෙන්ම ලබන වසරේ උසස්පෙල විභාගයට පෙනි සිටිමට නියමිතව සිටි සිසුවියගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.

නුවරඑලිය යුධ හමුදා කදවුරේ නිලධාරින් සහ පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත්තේ මෙවර සාපෙල විභාගයට පෙනි සිටින සිසුවා සොයා ගැනීම සඳහායි.

නායයාමට ලක් වු නිවසේ පදිංචිකරුවන්ට මිට ප්‍රථම එම නිවසින් ඉවත් වන ලෙසට ආපදා කලමණාකරන ඒකකය මගින් දැනුම් දිමක් සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

නායයාමට ලක්වූ ස්ථානයේ මෙහෙයුම් සම්බන්ධයෙන් සොයා බැලිමට දුම්රිය රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා ද පැමිණ සිටියා.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට ලක් වු නොර්වුඩ් සහ මස්කෙලිය ප්‍රදේශයේ පවුල්වල සමාජිකයන්ට පිසූ ආහාර ලබා දීමට කටයුතු කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

ඊයේ (30) ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය හාවාඑලිය සහ කඳපොල ගල්පාලම ප්‍රදේශයේ එලවළු වගාවටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Your Comments