වයඹ පළාතට සහ ගම්පහට රෑ 7 සිට අදත් ඇඳරි නීතිය

25

වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට අද පස්වරු 7 සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාහක රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ අනුව අලුයම 4 දක්වා එම ප්‍රදේශ වලට ඇදිරී නිතිය ක්‍රියාත්මක බවයි.

මේ අතර පසුගියදා වයඹ පළාතේ තුළ ඇතිවූ නොසන්සුකාරි සහ ප්‍රචන්ඩකාරි ක්‍රියාවන් සම්බන්දයෙන් සැකකරුවන් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

මේ අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බ කරු පැමිණී වෑන් රථය මිලට ගෙන එහි ආසන සකස් කළ පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ නව කාත්තන්කුඩි ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීම සඳහා බෝම්බකරු පැමිණි බව සැලකෙන වෑන් රථය දේවස්ථානය අසල නතර කර තිබියදී පොලිසිය සොයා ගත්තා.

 

 

Your Comments