වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

19

සාම්පූර්, තංගපුරම් ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් මරණයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ වයස අවුරුදු 49ක් වූ පල්ලිකුඩිරිප්පු, තංගපුරම් ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙලෙස මරණයට පත්ව ඇති බවයි.
අදාළ කාන්තාව කුළියට ගවයන් සහ එළුවන් බලාගනිමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෘත දේහය මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණවලින් අනතුරුව ඥාතීන් වෙත භාරදී ඇති අතර සාම්පූර් පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments