වනජීවි අධ්‍යක්ෂ ජනරාල්ට අධිකරණ නියෝගයක්

14

වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් මනෝජ් තල්ගොඩපිටිය මහතා විසින්.
ගැසට් පත්‍රයක සඳහන් නිර්නායක උල්ලංඝනය කරමින් විදුලි වැටක් ඉදිකිරීමෙන් වනජීවී දෙපාර්තමේන්තුව කුඹුරු වගාවන් රැසකට බරපතල හානි පමුණුවා ඇති බව පවසමින් අධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සමක් සළකා බලමිනුයි එම නියෝගය නිකුත් කලේ.
අනුරාධපුර එක්සත් කෘෂිකර්ම සංසදය මගින් අදාළ නඩුව පවරා තිබෙනවා.
මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුව, එහි අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපතිවරයා යි.

Your Comments