වතු කම්කරුවන් අදත් විරෝධතාවයේ – හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයත් අවහිරයි

21

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරිම සම්බන්ධයෙන් වන ගිවිසුමට අද අත්සන් තැබුවහොත් හෙට සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව දහසේ ව්‍යාපාරය සඳහන් කරනවා.
තම දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස බල කරමින් ඔවුන් පසුගිය දින කිහිපයේම විරෝධතාවල ද නිරතවුණා.
මේ අතර, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරිම සම්බන්ධයෙන් වන ගිවිසුමට අද අත්සන් කිරීමට නියමිත බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා.
වතු හාම්පුතුන්, වතුකරයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සහභාගිත්වයෙන් කොළඹදී අදාළ ගිවිසුම අත්සන් කිරිමට නියමිත බවයි වාර්තාවන්නේ.
වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 වනදා පැවති සාකච්ජාවකදි වතුකම්කරු වැටුප රුපියල් 700ක් දක්වා වැඩි කිරිමට තීරණය කෙරුණා.
මේ අතර, වතු කම්කරුවන් කම්කරුවන්ගේ විරෝධතාවයක් හේතුවෙන් හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගය මල්ලිඅප්පුව මංසන්දියෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.
වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් අදත් හැටන් මල්ලිඅප්පුව මංසන්දියෙන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.
මේ හේතුවෙන් හැටන් නගරයේ සිට කොළඹ හා මහනුවර, නුවරඑළිය දක්වා රථ වාහන ධානනයට බාදා එල්ල වී තිබෙනවා.

Your Comments