වතු කම්කරුවන් අදත් මහ මග

8

වතුකම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සාමාජිකයින් මේ බව කියා සිටියේ කොළඹදී අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, ලබන සඳුදා අග්‍රාමාත්‍යවරයා හමුවී වතු කම්කරු ගැටලූව පිලිබඳව සාකච්ඡා කරන බව දෙමළ ප්‍රගතිශීලි සන්ධාන නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළා.
වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අදත් වතුකරයේ ඇතැම් ස්ථානවල විරෝධතා පැවැත්වුණා.
ඒ සඳහා බල කරමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය, ජනතා පෙත්සමක් අත්සන් කිරීම අද හැටන් නගරයේ දී ආරම්භ කරනු ලැබුවා.
වතුකම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් ඊයේ කොළඹ – ගාලූමුවදොර පිටියේදී ද විරෝධතාවයක්  පැවැත්වුණා.
 

Your Comments