වට්ටක්කා වගාවට වැළදුණු රෝගයකින් ගොවීන් අසීරුතාවයට

109

අනුරාධපුර, විලච්චිය ප්‍රදේශයේ වට්ටක්කා වගාවන්ට වැළඳුනු රෝගයක් හේතුවෙන් එම වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
කෘෂිකර්ම නිලධාරීන් මේ වන තෙක් ඊට අවධානය යොමු නොකිරීම හේතුවෙන් තමන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බව ගොවීන් පැවසුවේ.
අනුරාධපුර, විලච්චිය යාය 07 ප්‍රදේශයේ අක්කර 1500ක් පමණ වූ වට්ටක්කා වගාවකට මෙම රෝගය පැතිර ගොස් තිබෙනවා.
වට්ටක්කා වැලෙහි පත්‍ර කහ පැහැ ගැන්වීම සහ කොළ කහවීම හේතුවෙන් වට්ටක්කා මල් හෝ ඵල හට ගැනීමක් සිදු නොවන බව ගොවීන් සඳහන් කළේ.
මේ අතර පසුගියදා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ ගොවීන්ගෙන් මිලදී ගත් ලක්ෂයකට අධික වට්ටක්කා අස්වැන්න ශ්‍රාවස්තිපුර රජයේ ගබඩාවක මේ වන විටත් ගබඩා කර ඇති බව සඳහන්.

Your Comments