ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සුව ඇමැතිට සම්මානයක්

28

ශ්‍රී ලංකාව තුළ බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා දුම්කොළ හා දුම්වැටි භාවිතය අවම කිරීම, පැණිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමය හඳුන්වාදීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ඇගයීමට ලක් කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සම්මානයක් පිරිනමා තිබෙනවා.
අමාත්‍යවරයාට මෙම සම්මානය පිරිනමා තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන සංවත්සරයට සමගාමීව අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී පැවැති බෝ නොවන රෝග වැළැක්වීම පිළිබඳ සමුළුවේදියි.

Your Comments