ලෝක කුසලාන දෙවන තරගයෙන් කොදෙව්වන්ට කඩුළු 7ක ජයක්

24

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

නොටින්හැම්හී දි පැවති තරගයේදී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ පාකිස්තාන කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 21යි පන්දු 4ක් අවසානයේ සියලු‍ දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 105ක් පමණයි.

ෆකාර් සමාන් සහ බබාර් අසාම් ලකුණු 22 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී ඔෂේන් තෝමස් කඩුළු 4ක් බිද හෙළුවා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 13යි පන්දු 4ක් අවසානයේ කඩුළු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ක්‍රිස් ගේල් ලකුණු 50යි.

පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් කඩුළු 3ක් බිඳ හෙළුවා.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට නවසීලන්තයට එරෙහිව පැවැත්වෙනවා.

තරගාවලියේ සියලු තරග සජීවි විස්තර විචාරයට සිත එෆ් එම් ඔස්සේ සවන් දිය හැකියි.

Your Comments