ලෝක කුසලානයේ පළමු ජය සත්කාරක එංගලන්තයට

19

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් දකුණු අප‍්‍රිකාව පරදා ලකුණු 104ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප‍්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු‍ 8ක් දැවී ලකුණු 312ක් ලබා ගත්තා.

බෙන් ස්ටොක්ස් ලකුණූ 81යි.

පන්දු යැවීමේ දී ලු‍න්ගි එන්ගිඩී කඩුලු‍ 3ක් බිඳ දැම්මා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප‍්‍රිකාවට පන්දුවාර 39යි පන්දු 5ක් අවසානයේ සියලු‍ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 207ක් පමණයි.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 68යි.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් කඩුලු‍ 3ක් ලබා ගත්තා.

අද දිනයේදී තරගාවලියේ දෙවන තරගය පැවැත්වෙන්නේ පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.

2019 ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ නිල ගුවන්විදුලි විකාශන අයිතිය හිමි ශ්‍රි ලංකාවේ එකම ගුවන්විදුලිය සිත FM ගුවන්විදුලියයි.

Your Comments