ලොව පුරා කොරෝනා ආසාධිතයින් හාර කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

12

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 45,312,762 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිදුව ඇති මරණ සංඛ්‍යාව දැක්වන්නේ 1,185,733 ක් ලෙසයි.

ගතවූ පැය විසි හතර තුළ පමණක ලොව පුරා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ පහකට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම පසුගිය සති දෙකක කාලය තුළ ආසාදිතයන් වාර්තාවීම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ද සඳහන්.
යුරෝපීය කලාපය තුළ සහ ලතින් ඇමරිකානු රටවලින් රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ගතවූ පැය විසි හතර තුළ අමෙරිකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 91,330 ක්.

Your Comments