ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 7 ඉක්මවද්දි අමෙරිකාවේ මිලියන 2කට කොරෝනා

33

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද(08) පෙරවරු 8 පමණ වන විට 70,86,008ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් ආසාදිතයින් 34,59,972 දෙදෙනෙක් සුවය ලබා ඇති අතර 4,06,107 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.
මේ අතර ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රට වන අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා තිබෙනවා.
ඒ අනුව මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2007,,449ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම අමෙරිකාවේ මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 1,12,469 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.
සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 7,61,708ක් බවයි වාර්තා වන්නේ.
ලොව කොරෝනා ආසාදිතයින් වැඩියෙන්ම සිටින රටවල් 10 පහත වගුවෙන් දැක්වේ.

Your Comments