ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 6.4 ඉක්මවයි – ඉන්දියාවේ ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවයි

28

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 64,74,784ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම සමස්ත ආසාදිතයින්ගෙන් ආසාදිතයින් 30,83,701 දෙනෙක් සුවය ලබා ඇති අතර ආසාදිතයින් 3,82,923 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.
එක් රටක් ලෙස ගත් කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් අමෙරිකාවෙන් වාර්තා වනවා.
එරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,81,256 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.
ඉන් ආසාදිතයින් 6,46,260 දෙනෙක් සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 1,08,062 දෙදෙනෙක් මරණයට පත්ව තිබෙනවා.
එසේම මේ වන විට දෙවන ස්ථානයට පත්ව සිටින බ්‍රසීලයෙන් සමස්ත ආසාදිතයින් 5,58,237 දෙනෙක් වාර්තා වන අතර ඉන් ආසාදිතයින් 31,309 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.
රුසියාවෙන් ආසාදිතයින් 4,32,277 දෙනෙක්ද ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 2,87,012 දෙනෙක්ද වාර්තා වනවා.
එක්සත් ජනපදයෙන් ආසාදිතයින් 2,77,985ක් වාර්තා වන අතර ඉන් මේ වන විට 39,369 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.
ඒ එක් රටකින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාවේ දෙවන ස්ථානයට පත්වෙමිනි.
මේ අතර අසල්වාසි ඉන්දියාව මේ වන විට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,08,543ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක් රටකින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සැලකීමේදී ඉන්දියාව මේ වන විට හත් වන ස්ථානයේ පසුවනවා. ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා ආසාදිත මරණ 5,834ක් වාර්තා වන අතර අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිත නව රෝගීන් 1,350කට අධික සංඛ්‍යාව තහවුරු කරගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ඉන්දියාවේ මහාරාස්ට්‍ර ප්‍රාන්තයෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන අතර එම සංඛ්‍යාව 72,300ක් බවයි ඉන්දියානු වාර්තා පෙන්වා දෙන්නේ.
මහාරාස්ට්‍ර ප්‍රාන්තයේ මේ වන විට ආසාදිතයින්ගෙන් 31,333 දෙදෙනෙක් සුවය ලබා ඇති අතර 2,465 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.
තවත් රෝගීන් 38,502 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර තමිල්නාඩු ප්‍රාන්තයෙන් ආසාදිතයින් 24,586 දෙනෙක්ද දිල්ලි ප්‍රාන්තයෙන් ආසාදිතයින් 22,132ක්ද ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයින් 17,632ක්ද වාර්තා වනවා.
රාජස්ථාන් ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 9,475ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ අද මේ වන විට හමු වූ නව ආසාදිතයින් 102ක්ද සමගින්.

 

Your Comments