ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටි තුන ඉක්මවයි

21

ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 30,349,591ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් ආසාදිතයින් 22,038,588 දෙනෙකු සුවය ලබා ඇති අතර ආසාදිතයින් 950,555 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් වැඩියෙන්ම වාර්තා වන රටවල් සැලකීමේදී පෙරමුණ ගෙන සිටින අමෙරිකාවෙන් අද(18) පෙරවරු 9 වන විට වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,874,596ක්. ඉන් ආසාදිතයින් 4,155,039ක් සුවය ලබා ඇති අතර ආසාදිතයින් 202,213 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විටත් අමෙරිකාවේ ආසාදිතයින් 2,517,344 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර අසල්වාසි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ පනස් දෙක ඉක්මවා තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,212,686ක් වන අතර ඉන් ආසාදිතයින් 4,109,828 දෙනෙක් සුවය ලබා තවත් 84,404 දෙනෙක් මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ආසාදිතයින් 1,018,454 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වනවා.

බ්‍රසීලය තෙවන ස්ථානයට පත්ව ඇත්තේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,457,443ක් දක්වා ඉහළ යාමත් සමගින්. එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 135,031ක් වනවා.

Your Comments