ලිංගික ප‍්‍රකාශ හේතුවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකුට තහනමක්

33

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් වන හර්ඩික් පාන්ඩ්යාට සහ කේ.එල් රාහුල්ට එක්දින ක්‍රිකට් තරග දෙකක තහනමක් පැනවීමට නිර්දේශ වී තිබෙනවා.

එරට ක්‍රිකට් පාලනය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පත් කළ පරිපාලන කමිටුවේ සභාපති විනෝද් රායි විසින් මෙම නිර්දේශය සිදු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය ප‍්‍රකට රූපවාහිනී වැඩසටනක් වන කොෆී විත් කරන් වැඩසටහනේ ද ඔවුන් දෙදෙනා ලිංගිකත්වය සම්බන්ධයෙන් සිදු කළ ප‍්‍රකාශයක් හේතුවෙන් මෙම තහනම පැනවීමට නිර්දේශ කර ඇති බව සඳහන්.

Your Comments