ලක්ෂ 82ක මැණික් ගල් සහ චෙක්පතක් කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට

22

බම්බලපිටිය ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 82ක් වටිනා මැණික් ගල් සහ රුපියල් එක්ලක්ෂ 30 දහසක් වටිනා චෙක් පතක් සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සොරකම් කිරීස සිදු කර තිබුණේ මොරටුව සිට පිටකොටුව දක්වා ධාවනය වන බස්රථයක් තුළ දී බවටයි ඒවායේ හිමිකරු විසින් පැමිණිලි කර තිබුණේ.

බස්රථවලදී මෙවැනි ආකාරයේ සොරකම් සිදු කරන පුද්ගලයින්ගේ ඡායාරූප පැමිණිලිකරු වෙත පොලීසිය විසින් පෙන්වා ඇති අතර, එහිදී සැකකරු හදුනා ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.

ඒ, අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.

සැකකරු අද දින අලුත්කඬේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments