රොනී ලීච් ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වෙයි

97

ජනප්‍රිය ගායන හා  රංගන ශිල්පී රොනී ලීච් මහතා හෘදයාබාදයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ  ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා සහභාගීවීමට ගොස් සිටියදී.
ගායන ශිල්පීණී  මරියසෙල් ගුණතිලක මහත්මිය සමඟ 65 හැවිරිදි රොනී ලීච් මහතා පසුගිය සෙනසුරාදා ප්‍රසංගයට සහභාගී වී තිබෙනවා.
පිරිස අද පස්වරුවේ  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටියා.
ශ්‍රි  ලංකා ගයක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පැවසුවේ මෘත දේහය ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

Your Comments