රූකාන්ත ගුණතිලක එජාපයේ දඹදෙණිය ආසන සංවිධායක ධූරයට

15

ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසනයේ නව සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා.
ඔහු අද දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් බවයි වාර්තා වුණේ.
මේ අතර මීගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පත්කර තිබෙනවා.
කලක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයද දැරූ ලලිත් දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී අරණායක ආසනයේ නව ආසන සංවිධායක ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලිපිය ලබාගනු ලැබුවා.
තිලිණ බන්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ආසන සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා.

Your Comments