රුහුණේ පීඨ දෙකක සහ පේරාදෙණිය කළමනාකරණ පීඨයේ අධ්‍යයන කටයුතු හෙට සිට යළි ඇරඹේ

9

රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ දෙකක් සහ පේරාදේණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය අධ්‍යයන කටයුතු සදහා හෙට යලි විවෘත කරනු ඇති.

එමෙන්ම කලමනාකරණ හා මූල්‍ය පීඨයේ අවසන් වසරේ අධ්‍යන කටයුතු ද එදින ආරම්භ කරන බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සදහන් කළේ.

කලමනාකරණ හා මූල්‍ය පීඨයේ දෙවන වසරේ අධ්‍යන කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර එහි පළමු සහ තෙවන වසරවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම්දෙන බව ද රුහුණු විශ්ව විද්‍යාලය පැවසුවා.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨය අධ්‍යන කටයුතු හෙට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර සිසුන් අද දිනය තුළ අදාළ නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම් දෙන්නේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ සිසුන් සහ පාලනාධිකාරිය අතර හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් එම පීඨය වසා දැමීමටයි පසුගිය 19වනදා පියවර ගත්තේ.

Your Comments