රිය අනතුරකට ලක්වූ රංගන ශිල්පී රවීන්ද්‍ර යසස්ගේ තත්ත්වය බරපතනුල නෑ

75

රිය අනතුරකට ලක්වූ රංගන ශිල්පී රවින්ද්‍ර යසස් මහතාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.
බණ්ඩාරගම – කැස්බෑව ප්‍රධාන මාර්ගයේදී ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගය අසල තිබූ ගසක ගැටීමෙන් අද අලුයම මෙම අනතුර සිදුවුණා.
අනතුරෙන් තුවාල ලැබූ රංගන ශිල්පී රවින්ද්‍ර යසස් මහතා මේ වනවිට හොරණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බව සඳහන්.

Your Comments