රැකියා සඳහා කුවේට් ගිය 41 දෙනෙකු යළි දිවයිනට

40

රැකියා සඳහා කුවේටයට ගොස් සිටි ශ්‍රී ලාංකික සේවකයින් 41 දෙනෙකු අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.
අළුයම කුවේට් සිට පැමිණි කටාර් ගුවන් සේවයේ යානයකින් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමණි බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
කුවේටයේ රැදී සිටි තරුණයින් 29 දෙනෙකු ද ඒ අතර වනවා.
ඔවුන් පසුගිය 31 වනදා මෙරටින් ගොස් ඇති බව සඳහන්.
එරට ආහාර සැකසුම් ආයතනයක නිෂ්පාදන යතුරු පැදි මඟින් බෙදාහරින සේවකයින් ලෙස ඔවුන් එරටට ගොස් ඇති අතර එහිදී සිදුවී ඇති වංචාවක් හේතුවෙන් ඔවුන් යළි මෙරටට පැමිණ ඇති බව සඳහන්.

Your Comments