රාජිත රෝහලෙන් පිට වෙයි

4

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා දින 18කට පසු නාරාහේන්පිට ලංකා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
අද අලූයම 12යි 25ට පමණ ඔහු රෝහලෙන් පිටව ගිය බවයි වාර්තා වුණේ.
මන්ත්‍රීවරයා පසුගිය දෙසැම්බර් 26 වනදා සාමාන්‍ය පරිදි රෝහල් ගත වූයේ ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර තිබියදියි.
හෘද රෝග දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වූ ඔහු පසුව සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනු ලැබුවා.
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව ඇප හිමි වූ පසුව ද නාරාහේන්පිට ලංකා රෝහලේ රැදී සිටියා.
රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත අයදුම්පත මේ මස 17 වන දා සලකා බැලීමට නියමිතයි.
ඒ අනුව දැනට ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත්තේ.

Your Comments