රාජ්‍ය වෙසක් උත්සවය මැයි 17 වනදා

38

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 17 වනදා පවත්වන බව බුද්ධ ශාසන අමාත්‍යංශය පවසනවා.
වෙසක් පුන් පොහෝ දින වැඩසටහන් සිදුවන්නේ මැයි මස 18 වනදායි.
ඒ ගාල්ල හික්කඩුවේ පිහිටි තෙල්වත්ත තොටගමු පුරාණ රන්පත් රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින්.
ඊට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල භෞතික සංවර්ධනය වෙනුවෙන් ද වැඩසටහන් රැසක් සංවිධාන කර ඇාති බව සදහන්.
වෙසක් සතිය මැයි 15 වනදා සිට 21 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.
ඒ සඳහා වන වැඩසටහන්වලට අමාත්‍ය ගාමිනි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙනවා.

Your Comments