රාජ්‍ය බැංකු කළමනාකරුවෙකුගේ නිවසකට ප්‍රහාරයක්

22

යාපනය ආරියාලේ ප්‍රදේශයේදී රාජ්‍ය බැංකුවක කළමනාකරුවෙකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අද අලුයම යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
පහරදීමෙන් නිවසේ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර නිවසේ තිබු දේපලවලට අලාභ හානි සිදුව තිබෙනවා.
එමෙන්ම නිවසේ නවතා තිබු මෝටර් රථයකට ද පැමිණි පිරිස පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Your Comments