රාජ්‍ය නායක සමුළුවකට ගෙනා සුපිරි රථ 300ක් අතුරුදන්

239

ජාත්‍යන්තර සමුළුවක් වෙනුවෙන් භාවිතයට ගෙන ආ නවතම වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ 300ක් පමණ අස්ථානගතව ඇති බව වාර්තා වනවා.

ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා හෙවත් (Apec) සමුළුව පසුගිය වසරේ පැවැත්වුනේ නොවැම්බර 17 සහ 18 දෙදින තුළයි.

ඒ පැපුවා නිව් ගිනියාවේ Port Moresby නගරයේ දී.

රාජ්‍ය නායකයන්ට ආරක්ෂාව සපයමින් ඔවුන්ගේ ගමන් කටයුතු වෙනුවෙන් පැපුවා නිව් ගිනියා රජය නව මෝටර් රථ ගෙන්වා තිබුණා.

කෙසේ වෙතත් එරට පොලිස්පති Dennis Corcoran දක්වා ඇත්තේ එම රථ අතුරෙන් 284ක් අතුරුදන්ව ඇති බවයි.

තවත් සුපිරි මෝටර් රථ 9ක් සොරකම් කර ඇති අතර තවත් සමහරෙක කොටස් ගලවා ඇති බවද පැවසෙයි.

එම වාහන අතරට Maseratis, Landcruisers, Fords, Mazdas සහ Pajeros ඇතුළත්.

එම වාහන පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

Maseratis රථයක වටිනාකම ඩොලර් 100,000 කට අධිකයි. එය ශ්‍රී ලංකා මුදලින් 1,78,39,000ක් පමණ වෙයි.

යළි භාරදී ඇති වාහන සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ ඒවා ගෙන්වූ තත්වයෙන් ම පවතින්නේ ද යන්න තහවුරු කරගැනීම වෙනුවෙන්.

දකුණු පැසිෆික් කලාපයේ ජනතාවගෙන් මිලියන 7.3කට පමණ මෙම Apec ගෝලීය සමුළුව මගින් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ජාත්‍යයන්තර අවධානයක් යොමු කර ගැනීමට හැකිව තිබෙනවා.

එහෙත් පැපුවා නිව් ගිනියාව වෙනුවෙන් එම තත්වය අර්ථාන්විත වූවාද යන්න විමසීම අවශ්‍ය බවයි විචාරකයන් පවසන්නේ.

රාජ්‍ය නායකයන් වෙනුවෙන් ගෙන්වූ නිල වාහනය සිය ගණනක් අස්ථානගතවීම රාජ්‍ය සම්පත් අවභාවිතයේ උච්චතම අවස්ථාවක් බවයි අවධාරණය කෙරෙන්නේ.

පළමුවර ට පැපුවා නිව් ගිනියාවේ පැවැත්වුණු සමුළුවේ වියදමෙන් හතරෙන් කොටසක් පමණ ලබා දී ඇත්තේ ද ඔස්ට්‍රේලියාවයි.

Apec සමුළුව වෙනුවෙන් ඉදිවුණු ගොඩනැගිල්ල

Your Comments