රට තුළ නැවත යුද්ධයක් හෝ ත්‍රස්තවාදයක් නිර්මාණයවීමට වත්මන් රජය ඉඩ තියන්නේ නෑ

45

රට තුළ නැවත යුද්ධයක් හෝ ත්‍රස්තවාදයක් නිර්මාණය වීමට වර්තමාන රජය ඉඩ නොතබන බව රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
මේ අතර, හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් මහත්මිය විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත නියෝගයක් ලබා දී ඇති බව වාර්තා වනවා.
දෙමළ ජනාතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බව ඇය පසුගිය දා ප්‍රකාශ කර තිබුණා.

Your Comments