රටේ සැබෑ ජනතා ගැටලු හඬපට මගින් යටපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා
එජාප මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ගෙන් චෝදනාවක්

5

රටේ සැබෑ ජනතා ගැටලු හඬපට මගින් යටපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා චෝදනා කරනවා.
රජයේ මෙම ක්‍රියාව දැඩිලෙස හෙලා දකින බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ අතර, අදාළ හඩපට හා උසස් පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු අතර හුවමාරු වූ අභ්‍යන්තර ලිපි ලේඛන බාහිර පාර්ශව අතට පත්වූ ආකාරය පිළිබඳ සොයා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා.
හිනිදුම ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම ඒ බව කියා සිටියා.

Your Comments