රටවල් 75කින් කොරෝනා මතුවෙයි (LIVE UPDATE)

495

ලොව පුරා රටවල් 75 කට අධික ප්‍රමාණයකින් මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදිතයන් හමුවී තිබෙනවා.
එම සංඛ්‍යාව මේ වන විට 95,000 ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම වෛරසයෙන් මේ වනවිට පුද්ගලයන් 3288ක් මියගොස් තිබෙනවා.
ඉන් මරණ 3,015 ක් ලෙස වැඩිම මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ චීනයෙන්.
මේ අතර, ලොව පුරා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 53,548ක් සුවය ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් නිපදවීමේ කටයුතු, මේ වනවිට සාර්ථකව අත්හදා බලා ඇති බව ද විදෙස් මාධ්‍යවල වාර්තා වනවා.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මෙම එන්නත සංවර්ධනය කර ඇතත්, එය ආරක්ෂිතව මුදාහැරීමට මාස 18ක කාලයක් ගත වනු ඇති බවට යි පර්යේෂකයින් පවසා ඇත්තේ.

LIVE UPDATE link …..

Your Comments