රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට [PHOTOs]

16

රග්බි ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

අවසන් මහා තරගය අද පැවැත්වුනේ එංගලන්තය සමගයි.

මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ජපානයේ යොකොහාමාහී දී ආරම්භ කෙරුණු තරගයෙන් දකුණු අප්‍රිකාව 32- 12 ලෙස ජය ගත්තා.

දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානයක් ජය ගත් තෙවැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

ඔවුන් හැරුණු විට රග්බි ලෝක ශූරතා තුනක් දිනා ගෙන ඇති අනෙක් රට වන්නේ නවසීලන්තයයි.

ජපානයේ යොකොහාමාහි පැවැති අවසන් මහා තරගය නැරඹීම සඳහා බ්‍රිතාන්‍යයේ හැරී කුමරු මෙන්ම දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසාද එක්ව සිටියා.

තරගාවලියේ තෙවන ස්ථානය හිමි කර ගත්තේ නවසීලන්ත කණ්ඩායමයි.

Your Comments