රංජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට භාර දී නොමැති බව නියෝජ්‍ය කතානායක කියයි

15

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඩපට පාර්ලිමේන්තුවට මෙතෙක් භාර දී නොමැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
රංජන් රාමනායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ හඩ පට සියල්ල සභාගත කිරීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව හඩ පට 15 දහසක් පමණ අඩංගු සංයුත්ත තැටි පාර්ලිමේන්තුවට භාර දී ඇති බව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට දන්වා සිටියා.

කෙසේ වෙතත්, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද දිනයේ දී ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දක්වා සිටියා.

මේ අතර, රජයේ සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට පොරොන්දු වූ වැටුප් වැඩි කිරීම අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර ඇති බවට චෝදනා කරමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී අදහස් පල කළා.

මේ ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා.

Your Comments