යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරකවරයා අද දිවයිනට

7

යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජිල් ද කෙයෂොව් අද දිවයිනට පැමිණෙනවා.

ඔහු අද සිට ලබන අගහරුවාදා තෙක් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ සංචාරයක නිරත වන බවයි යුරෝපා සංගමය පැවසුවේ.

මෙම රටවල් දෙකෙහි ආරක්ෂාව තර කිරීමේ උත්සාහයන්ට හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩපිලිවෙලට සහයෝගය දැක්වීම මෙම සංචාරයේ අරමුණයි.

සංචාරය අතරතුරදි ජිල් ද කෙයෂොව් මෙරට රජයේ , විපක්ෂයේ හා ආරක්ෂක අංශයේ ප්‍රධානීන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Your Comments