යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කෙරෙයි

51

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීමේ රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ පැවැත්වෙනවා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රථම ගුවන් යානය පැමිණෙන්නේ ඉන්දියාවේ චෙන්නායි සිටයි.

ගුවන්තොටුපොලේ දෛනික ගුවන් මෙහෙයුම් ලබන මාසයේ සිට ආරම්භ කරන බව සඳහන්.

යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2 250ක්.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා.

Your Comments