යාපනය කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

19

යාපනය කොට්ඨාසයේ සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද සිට සති 02ක කාලයක් අවලංගු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

යාපනයේ පසුගිය දින කිහිපය තුළ ඇති වූ සිද්ධින් සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති අතර, විශේෂ මෙහෙයුමක් යාපනය ආශ්‍රිතව සිදු කිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව වව්නියාව සහ මන්නාරම යන පොලිස් කොට්ඨාසවලින් ද නිලධාරී කණ්ඩායමක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැකීමට එක්වුණා.

එහිදී පොලිස්පතිවරයා කියා සිටියේ අන්තර්ජාලය හරහා මෙරට සිදුවන අපරාධවල වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් එම අපරාධ මැඩලීම සඳහා විශේෂ ඒකකයක් පළාත් මට්ටමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

Your Comments