යාපනයෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 193ක් සොයා ගැනේ

12

යාපනය – නෙල්ලිඅඩි – තිල්ලියන් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 193ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ඊයේ මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධීය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, වැඩිදුර විමර්ශන නෙල්ලිඅඩි පොලීසිය සිදුකරනු ලබනවා.

Your Comments